Friday, June 19, 2015

මෝටර් වාහනයක් ජායාරූප ගත කිරීම

පිටතින් සිට වාහනයේ බාහිර නිරීක්ෂණ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව ජායාරූප ලබා ගත යුතුය. වාහන අංකය , හදුනා ගැනීමෙි විශේෂ ලකුණු , තැලීමි සීරීමි , ස්ටිකර් හා ලාංජන ජායාරූපයට නැගිය යුතුය. පිටත පෙනුම ජායාරූප ගත කිරීමෙන් අනතුරුව වාහනයේ දොරටු ඇර ජායාරූප ගත කරන්න. විශේෂ ස්ථාන ඇත්නමි සමීප ජායාරූප ලබා ගන්න. එන්ජින් අංක චැසි අංක ආදිය පරීක්ෂා කර ජායාරූපයට නගන්න.

විශාල වපසරියක පිහිටි අපරාධ ස්ථානයක් ජායාරූප ගත කිරීම

අපරාධ ස්ථානයකදී ජායාරූප ආවරනය කිරීම සදහා යොදා ගත හැකි කැමරා කෝණ

මෘත ශරීරයක් ජායාරූප ගත කිරීම

ඉතා සැලකිල්ලෙන් ජායාරූප ගත කළ යුතුය. මෘත ශරීරය බෑගයක් තුල බහා ඇතිනම් බෑගය ජායාරූප ගත කල යුතුය. මෘත ශරීරය රැගෙන යන වාහනය හා එහි අංකය , බෑගය විවෘත කළ පසු එක් ජායාරූපයක් , මෘත ශරීරයේ ඇති තුවාල පිලිබද ජායාරූප ලබා ගත යුතුය. මෘත ශරීරය සෝදා පිසදා නැවත ජායාරූප ගැනීම , ඉන්පසු සමීප ජායාරූප , මෘත ශරීරය පිටුපස හරවා ජායාරූප , මරණකරුගේ ඇදුමිවළ ජායාරූප ලබා ගත යුතුය. මෘත ශරීරයේ සිවු පැත්තෙන්ම ජායාරූප ගත කළ යුතු අතර එහිදී දිනය හා වෙිලාව සටහන් කළ කාඩි පතක් අදාල ස්ථාන වල තබා ජායාරූප ගත කළ යුතුය. මෘත ශරීරය ලමිබකව ජායාරූප ගැනීමෙිදී ඉනිමගක් උපයෝගී කර ගත හැක. තම දෙපා දෙපසට විහිදුවා මෘත ශරීරයට ඉහලින් ජායාරූප ලබා ගත හැක. මෘත ශරීරාගාරයක් තුල ජායාරූප ගැනීමෙිදී කෘතීම ආලෝකය භාවිතයේදී ඇති වන දුර්වලතා පිලිබද අවධානය යොමු කළ යුතුය.

අධිකරණ කටයුතු වලදී ,

අපරාධ ස්ථානයෙන් ලබා ගන්නා ජායාරූප අධිකරණමය කටයුත්තක් සදහා භාවිතා කරන්නේ නමි , ඒවායේ අනුක්‍රමික අංකය / නඩු අංකය , දිනය / වෙිලාව , ජායාරූප ශිල්පියාගේ නම ඇතුලත් විය යුතුය. එමෙන්ම ගරු අධිකරණය වෙත අපරාධය සමිබන්ධයෙන් කරුණු වාර්ථා කිරීමෙිදී ජායාරූප ලබා ගත් බවද වාර්ථා කළ යුතුය. සදාචාරසමිපන්න ජායාරූප ශිල්පීන් ලෙස අතවරයට ලක් වන කාන්තාවන්ගේ ජායාරූප ලබා නොගත යුතුය.

Wednesday, June 17, 2015

කෘතීම ආලෝකය භාවිතා කිරීමෙිදී

කෘතීම ආලෝකය භාවිතා කිරීමෙිදී තෙත් සහිත ස්ථානයන්ගෙන් ආලෝකය පරාවර්ථනය වීමෙි හෝ දැඩි ලෙස ආලෝකමත් වීමෙි හැකියාව , ගැඹුරු කුඩා සිදුරු අඩුවෙන් ආලෝකමත් වීම , ගැඹුරු සෙවනැලි ඇති වීම , අනෙකුත් වස්තූන්ගෙන් සිදු වන පරාවර්ථනයන් පිලිබදව විශේෂයෙන් සැළකිලිමත් විය යුතුය. එමෙන්ම ජායාරූපයක් අනාවරනය කර ගැනීමෙිදී නිවැරදි අනාවරනයන් භාවිතා නොකිරීම මගින් ජායාරූපයේ අපට අවශ්‍ය තොරතුරු නොලැබීම හෝ පැහැය වෙනස් වීමක් සිදු වීය හැක. තවද පසුතලයේ ස්වභාවය නිසා වස්තුව වෙනස් වීමක් හෝ කුඩා වීමක් , විශාල වීමක් සිදු වීමට ඉඩ ඇත. ජයාරූපයකට වර්ණ , සෙවනැලි , අනාවරනය , සමස්ථ පෙනුම නිසා බලපෑමි ඇති විය හැක.

Tuesday, June 16, 2015

ජායාරූපකරණ භාවිතයන් ......

අපරාධ ස්ථානයක් ජායාරූප ගත කිරීෙමිදී අප විසින් ලබා ගන්නා ජායාරූප ඒකක් අෙනකට සමිබන්ධ වන අාකාරෙයන් ලබා ගත යුතු අතර ප්‍රථම ජායාරූප අපරාධ ස්ථානෙය් සියථ අංගයන් අාවරනය වන අාකාරෙයන් ලබා ගත යුතුය. අවශ්‍ය නමි ජායාරූප සදහා කෘතිම අාෙලා්කය ( ප්ලෑෂ්ගන් ) භාවිතා කළ හැක. ෙනාඒෙස්නමි වර්සර් ලයිටි උපකරණෙය් අාෙලා්කය භාවිතා කළ හැක. අපරාධ ස්ථානෙය් අැති ඒක් ඒක් සාක්ෂි වඩා විස්තර වන අාකාරෙයන් සමීප ජායාරූප ලබා ගත යුතුය. සමීප ජායාරූප ලබා ගැනීෙමිදී සාක්ෂිය පතිත වී අැති පෘෂ්ඨයට ලමිබකව සිට ජායාරූප ලබා ගත යුතුය. ඒහිදී වර්සර් ලයිටි යන්ත්‍රෙය් අාෙලා්කය උපෙයා්ගී කර ගන්ෙන් නමි ඒම අාෙලා්කය පතිත කළ යුත්ෙත් අංශක 45 ට අඩු අානතියකින් යුක්තවය.

දන්ත ජායාරූපකරණය

දන්ත ජායාරූපකරණෙය්දී පැහැදිලිව ජායාරූප ගත කළ යුතු අතර අවම වශෙයන් ජායාරූප 10 ක් වත් ලබා ගත යුතුය. ෙමහිදී සැකකරු සපන ලද යමි ෙදයකින් අාදර්ශයක් ලබා ෙගන දත් අැන්ද ප්‍රතිනිර්මානය කරනු ලබයි. දත් අැන්ද පුද්ගලයකුෙග් අැගිලි සළකුණු හා සමානය. පුද්ගලයකුෙගන් පුද්ගලෙයකුට සමාන වන්ෙන් නැත.

වැදගත් ෙද් .....

ජායාරූප ගැනීෙමිදී අපරාධයකින් තවත් අපරාධයක් ෙවනස් වන අතර අදාල අපරාධය පිලිබද අවධානය ෙයාමු කර අදාල කාර්යෙය් ෙයදිය යුතුය. ඉදිරි පරීක්ෂණ සදහා අවශ්‍ය ෙවි යැයි තීරණය කරන සාක්ෂි සැලකිල්ෙලන් ජායාරූප ගත කළ යුතුය. අපරාධ ස්ථානයක ෙකටි දුර ජායාරූප ලබා ගන්ෙන් අවශ්‍ය සාක්ෂි වල දර්ශන විස්තරාත්මකව දැන ගැනීම සදහාය.

අපරාධ ස්ථාන ජායාරූපකරණ න්‍යායික ක්‍රමය

අපරාධ ස්ථානයකට ඉක්මනින් ගමන් කළ යුතු අතර ඉක්මනින් ජායාරූප ගත කිරීම අාරමිභ කල යුතුය. පැමිෙනන අවස්ථාෙවිදී අපරාධ ස්ථානයෙහි ස්වභාවය දැක්ෙවන අයුරින් ජායාරූප ගත කර අපරාධ ස්ථානය සමිපූර්ණෙයන් අාවරනය වන පරිදි පුථල් ෙකා්ණීව ජායාරූප ගත කළ යුතුය. ජායාරූප ගත කිරීම යමි රටාවකට අනුව සිදු කළ යුතු ෙවි. ෙසායා ගන්නා ලද සාක්ෂි අංක කර මිනුමි තැබීෙමන් අනතුරුව ඒ් ඒ සාක්ෂි විස්තර වන අයුරින් ෙවන ෙවනම ජායාරූපගත කළ යුතුය. අනවශ්‍ය ජායාරූප ලබා ෙනාගත යුතු අතර ජායාරූප වලින් අපරාධ ස්ථානය යලි ප්‍රතිනිර්මාණය කළ හැකි විය යුතුය. අපරාධකරු පැමිනි ෙහා් පිටවූ මාර්ගය ෙලස යමි ස්ථානයක් හදුනා ගත්ෙත්නමි ඒය ජායාරූප ගත කළ යුතුය.ලබා ගන්නා ලද ජායාරූප පරීක්ෂණාගාරයකදී හැකි ඉක්මනින් පරිගනකයකට අැතුලත් කළ යුතුය. ජායාරූප සංගත තැටියකට අැතුලත් කර දිනය හා අපරාධය සදහන් කර ෙවනම ගබඩා කල යුතුය.

Sunday, June 14, 2015

අපරාධ ස්ථානයක් ජායාරූප ගත කිරීමෙි වැදගත් කම

අපරාධ ස්ථානයක් ජායාරූප ගත කිරීම සදහා හේතු කිහිපයක් බලපායි. එනමි අපරාධ ස්ථානයට නොපැමිනි යමි පුද්ගලයෙකුට එම ස්ථානයේ පැවති තත්වය විස්තර කර දීම සදහා ( එනමි අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා , රජයේ රස පරීක්ෂක වරයා හෝ විමර්ශනයට අදාල කර ගනු ලබන වෙනත් විශේෂඥ්ඥවරයෙක් , විමර්ශන නිළාරීන් කන්ඩායමක් වෙි. ) , අපරාධයට අදාල නඩු කටයුත්ත පවත්වාගෙන යෑමෙිදී අපරාධ ස්ථානය සමිබන්ධයෙන් කරුණු ඉදිරිපත් වන අවස්ථාවෙිදී එය තහවුරු කිරීම හෝ අසත්‍ය කරුණක් බැහැර කිරීම සදහා , අපරාධ විමර්ශනයේදී අපරාධ ස්ථානය යලි නැරඹීමට අවශ්‍ය වූ අවස්ථාවකදී හෝ නැවත අපරාධ ස්ථානය ගොඩනැගීමට අවශ්‍ය වූ අවස්ථාවකදී ඊට අවශ්‍ය සහාය ලබා ගැනීම සදහා , අපරාධ ස්ථානයක ඇති නිරීක්ෂණයට ලක් නොවුනු යමි සාක්ෂියක් හදුනා ගැනීම සදහා යනාදී කරුණුය.

Saturday, June 13, 2015

කැමරාවක් භාවිතා කිරීමෙිදී ,

අපරාධ ස්ථාන ජායාරූපකරණයේදී බොහෝ විට DSLR වර්ගයේ කැමරා භාවිතා කරන අතර එය හදිසි අවස්ථාවකදී භාවිතයට ගැනීමට හැකි වන ලෙස බැටරිය ආරෝපිත තත්වයේ පවත්වා ගත යුතු අතර ජායාරූපගත කිරීමකින් අනතුරුව යලිත් ආරෝපනය කළ යුතුය. ඒ සදහා බැටරි බලය සමිපූර්ණයෙන් අඩපන වන තුරු සිටිය යුතු නැත. ජායාරූප ගත කිරීමක් සදහා පිටව යෑමෙිදී එහි ආරක්ෂාව සමිබන්ධයෙන් සැළකිලිමත් විය යුතු අතර එහි බැටරිය මතකපත තිබෙිද ? කැමරාව ක්‍රියාකාරී තත්වයේ තිබෙිද ? යන්න පරීක්ෂා කළ යුතුය. කැමරා කාචය දුහුවිල්ලෙන් හා තෙතමනයෙන් ආරක්ෂා කර ගත යුතු අතර ඒ මත ඇගිලි තැබීමෙන් වැලකිය යුතුය. කැමරාව වාහනයක් තුල රැගෙන යෑමෙිදී කැමරා බෑගයේ බහා අතෙහි තබා ගත යුතුය. එමෙන්ම කැමරාව භාවිතා කිරීමට පෙර එහි ආරක්ෂක පටිය ගෙල වටා රදවා ගත යුතුය. නිවැරදි ඉරියවි හා ශිල්පීය ක්‍රම පිලිබදව දැනුවත්ව සිටිය යුතු අතර කැමරාව භාවිතා නොකරන අවස්ථා වලදී කාචය කාච ආවරනයෙන් අවරනය කළ යුතුය.

ජායාරූපකරන ක්ෂේත්‍රය තුල අපරාධ ස්ථාන ජායාරූපකරණය

වර්ථමානය වන විට ජායාරූපකරණය විවිධ ක්ෂේත්‍රයන් කිහිපයක් ඔස්සේ පැතිරී ඇත. පහතින් දැක්වෙන්නේ ඉන් කිහිපයකි. 01. කළාත්මක ජායාරූපකරණය 02. ජන මාධ්‍ය ජායාරූපකරණය 03. මංගල ජායාරූපකරණය 04. ක්‍රීඩා ජායාරූපකරණය 05. විලාසිතා හා පුද්ගල ජායාරූපකරණය 06. ක්ෂුද්‍ර ජායාරූපකරණය 07. වාණීජ ජායාරූපකරණය 08. භූමි දර්ශන ජායාරූපකරණය 09. පැනෝරාමා 10. අධි ගතික පරාස ජායාරූපකරණය 11. අපරාධ ස්ථාන ජායාරූපකරණය ජායාරූපකරණයේ සීමා දැක්විය නොහැක.ඉහතින් දක්වා ඇත්තේ ඉන් කිහිපයක් පමණි. මෙම ක්ෂේත්‍රයන් එකිනෙකට වෙනස් න්‍යායික ක්‍රමවෙිදයන් තුල හැසිරේ. අපරාධ ස්ථාන ජායාරූපකරණයද අනෙකුත් ජායාරූපකරණ ක්ෂේත්‍රයන්ද එකට තබා බැලුවහොත් ඒ අතරද වෙනස්කමි දක්නට ලැබෙි. එනමි , කළාත්මක ජායාරූපකරණයේදී අවශ්‍ය තරමි වෙිලාව ලබා ගෙන නිසි කෝණය තෝරා ගෙන ආලෝකය පාලනය කරමින් ජායාරූප ලබා ගත හැක. විලාසිතා හා පුද්ගල ජායාරූපකරණයේදී අරමුණ හැඩ ගැන්වීම ආලෝකකරණය අපට අවශ්‍ය අයුරින් සිදු කර ගත හැක. මංගල ජායාරූපකරණයේදී අවස්ථා මවා පෑමට හා අවස්ථා අධ්‍යක්ෂණය කිරීමට හැකියාව ඇත. ක්‍රීඩා ජායාරූපකරණයේදී නියම අවස්ථාව හෝ උද්වෙිගකර මොහොතක් එළඹෙන තෙක් කැමරාව මානාගෙන සිටිය හැක. නමුත් මෙි කිසිවක් අපට අපරාධ ස්ථාන ජායාරූපකරණයේදී සිදු කළ නොහැක.