Sunday, June 14, 2015

අපරාධ ස්ථානයක් ජායාරූප ගත කිරීමෙි වැදගත් කම

අපරාධ ස්ථානයක් ජායාරූප ගත කිරීම සදහා හේතු කිහිපයක් බලපායි. එනමි අපරාධ ස්ථානයට නොපැමිනි යමි පුද්ගලයෙකුට එම ස්ථානයේ පැවති තත්වය විස්තර කර දීම සදහා ( එනමි අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා , රජයේ රස පරීක්ෂක වරයා හෝ විමර්ශනයට අදාල කර ගනු ලබන වෙනත් විශේෂඥ්ඥවරයෙක් , විමර්ශන නිළාරීන් කන්ඩායමක් වෙි. ) , අපරාධයට අදාල නඩු කටයුත්ත පවත්වාගෙන යෑමෙිදී අපරාධ ස්ථානය සමිබන්ධයෙන් කරුණු ඉදිරිපත් වන අවස්ථාවෙිදී එය තහවුරු කිරීම හෝ අසත්‍ය කරුණක් බැහැර කිරීම සදහා , අපරාධ විමර්ශනයේදී අපරාධ ස්ථානය යලි නැරඹීමට අවශ්‍ය වූ අවස්ථාවකදී හෝ නැවත අපරාධ ස්ථානය ගොඩනැගීමට අවශ්‍ය වූ අවස්ථාවකදී ඊට අවශ්‍ය සහාය ලබා ගැනීම සදහා , අපරාධ ස්ථානයක ඇති නිරීක්ෂණයට ලක් නොවුනු යමි සාක්ෂියක් හදුනා ගැනීම සදහා යනාදී කරුණුය.

No comments:

Post a Comment