Saturday, June 13, 2015

ජායාරූපකරන ක්ෂේත්‍රය තුල අපරාධ ස්ථාන ජායාරූපකරණය

වර්ථමානය වන විට ජායාරූපකරණය විවිධ ක්ෂේත්‍රයන් කිහිපයක් ඔස්සේ පැතිරී ඇත. පහතින් දැක්වෙන්නේ ඉන් කිහිපයකි. 01. කළාත්මක ජායාරූපකරණය 02. ජන මාධ්‍ය ජායාරූපකරණය 03. මංගල ජායාරූපකරණය 04. ක්‍රීඩා ජායාරූපකරණය 05. විලාසිතා හා පුද්ගල ජායාරූපකරණය 06. ක්ෂුද්‍ර ජායාරූපකරණය 07. වාණීජ ජායාරූපකරණය 08. භූමි දර්ශන ජායාරූපකරණය 09. පැනෝරාමා 10. අධි ගතික පරාස ජායාරූපකරණය 11. අපරාධ ස්ථාන ජායාරූපකරණය ජායාරූපකරණයේ සීමා දැක්විය නොහැක.ඉහතින් දක්වා ඇත්තේ ඉන් කිහිපයක් පමණි. මෙම ක්ෂේත්‍රයන් එකිනෙකට වෙනස් න්‍යායික ක්‍රමවෙිදයන් තුල හැසිරේ. අපරාධ ස්ථාන ජායාරූපකරණයද අනෙකුත් ජායාරූපකරණ ක්ෂේත්‍රයන්ද එකට තබා බැලුවහොත් ඒ අතරද වෙනස්කමි දක්නට ලැබෙි. එනමි , කළාත්මක ජායාරූපකරණයේදී අවශ්‍ය තරමි වෙිලාව ලබා ගෙන නිසි කෝණය තෝරා ගෙන ආලෝකය පාලනය කරමින් ජායාරූප ලබා ගත හැක. විලාසිතා හා පුද්ගල ජායාරූපකරණයේදී අරමුණ හැඩ ගැන්වීම ආලෝකකරණය අපට අවශ්‍ය අයුරින් සිදු කර ගත හැක. මංගල ජායාරූපකරණයේදී අවස්ථා මවා පෑමට හා අවස්ථා අධ්‍යක්ෂණය කිරීමට හැකියාව ඇත. ක්‍රීඩා ජායාරූපකරණයේදී නියම අවස්ථාව හෝ උද්වෙිගකර මොහොතක් එළඹෙන තෙක් කැමරාව මානාගෙන සිටිය හැක. නමුත් මෙි කිසිවක් අපට අපරාධ ස්ථාන ජායාරූපකරණයේදී සිදු කළ නොහැක.

No comments:

Post a Comment