Saturday, June 13, 2015

කැමරාවක් භාවිතා කිරීමෙිදී ,

අපරාධ ස්ථාන ජායාරූපකරණයේදී බොහෝ විට DSLR වර්ගයේ කැමරා භාවිතා කරන අතර එය හදිසි අවස්ථාවකදී භාවිතයට ගැනීමට හැකි වන ලෙස බැටරිය ආරෝපිත තත්වයේ පවත්වා ගත යුතු අතර ජායාරූපගත කිරීමකින් අනතුරුව යලිත් ආරෝපනය කළ යුතුය. ඒ සදහා බැටරි බලය සමිපූර්ණයෙන් අඩපන වන තුරු සිටිය යුතු නැත. ජායාරූප ගත කිරීමක් සදහා පිටව යෑමෙිදී එහි ආරක්ෂාව සමිබන්ධයෙන් සැළකිලිමත් විය යුතු අතර එහි බැටරිය මතකපත තිබෙිද ? කැමරාව ක්‍රියාකාරී තත්වයේ තිබෙිද ? යන්න පරීක්ෂා කළ යුතුය. කැමරා කාචය දුහුවිල්ලෙන් හා තෙතමනයෙන් ආරක්ෂා කර ගත යුතු අතර ඒ මත ඇගිලි තැබීමෙන් වැලකිය යුතුය. කැමරාව වාහනයක් තුල රැගෙන යෑමෙිදී කැමරා බෑගයේ බහා අතෙහි තබා ගත යුතුය. එමෙන්ම කැමරාව භාවිතා කිරීමට පෙර එහි ආරක්ෂක පටිය ගෙල වටා රදවා ගත යුතුය. නිවැරදි ඉරියවි හා ශිල්පීය ක්‍රම පිලිබදව දැනුවත්ව සිටිය යුතු අතර කැමරාව භාවිතා නොකරන අවස්ථා වලදී කාචය කාච ආවරනයෙන් අවරනය කළ යුතුය.

No comments:

Post a Comment