Saturday, May 30, 2015

ජායාරූපකරණයේ තවත් පැතිකඩක් .....

පිවිසුම ජායාරූපකරණයේ තවත් පැතිකඩක් ... අපරාධ ස්ථාන ජායාරූපකරණය. අපරාධ ස්ථාන ජායාරූපකරණය ජායාරූප ශිල්පයේ තවත් එක් මංපෙතකි. මෙය ඔබට තරමක් නුපුරුදු වන්නේ මෙය ක්ෂේතය තුල නොපැවතීමත් එහි නියැලෙන්නන් අවම වීමත් නිසාය. නමුත් මින් සිදුවන සේවාව අනල්පය. දැනට ලංකාවෙි අපරාධ ස්ථාන ජයාරූපකරණයේ යෙදෙන ශිල්පීන් පහත පරිදි වෙි. 01. අපරාධ ස්ථාන පරීක්ෂණ නිළධාරීන් ( SOCO ) 02. අපරාධ වාර්ථා කොටිඨාශයේ ජායාරූපාගාරයේ ජායාරූප ශිල්පීන් (CRD ) 03. අධිකරණ වෛද්‍ය නිළධාරී කාර්යාලයේ නිළ ජායාරූප ශිල්පීන් අපරාධ ස්ථාන ජායාරූපකරණයේ කාර්යභාරය වන්නේ යමි අපරාධක් සිදු වූ ස්ථානයක් ජායාරූප ගත කිරීමයි. ඒ සදහා න්‍යායික කමවෙිදයක් ඇති අතර ඉන් බැහැරව ජායාරූප ගත කිරීම කළ නොහැක. එමෙන්ම ලබා ගන්නා ජායාරූප එහි අධීකරණ කියාවලිය අවසන් වන තෙක් සුරක්ෂිතව ගබඩා කර තබන අතර අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන්ගේ නිරීක්ශණය හා විමර්ශන කටයුතු සදහා , අධිකරණ කටයුතු සදහා , අධිකරණ වෛද්‍ය නිළධාරීයාගේ විමර්ශනය සදහා පමණක් පයෝජනයට ගනු ලබයි. අපරාධ වින්දිතයාගේ අනන්‍යතාවය හා ආත්ම ගරුත්වය සුරකිනු වස් අපරාධ ජායාරූප බැහැරගත කිරීම සිදු නොකරයි. එමෙන්ම අපරාධ ස්ථානයක් පතිනිර්මාණය කිරීම සදහා , පරිවෙිශනීය හා වෝහාරික සාක්ෂි සොයා ගැනීමට , නිවැරදි අපරාධකරු හදුනා ගැනීම සදහා මින් ලැබෙන පිටුවහල අමිලය. නවීන කමවෙිදයන්ට අනුකූලව අපරාධ ස්ථාන ජායාරූපකරණය අප රටට හදුන්වා දීමෙි ලා එහි සමිපත් හා බුද්ධි දායකත්වය ලබා දෙන ලද්දේ ස්වීඩන් පොලිස් දෙපාර්තමෙින්තුව මගිනි.